නිකවැරටිය ශාඛාව විසින් 04 වන වරටත් නොමිලේ පවත්වනු ලැබූ අක්ෂි සායන වැඩසටහන 2025. නිකවැරටිය ශාඛාව විසින් 04 වන වරටත් නොමිලේ පවත්වනු ලැබූ අක්ෂි සායන වැඩසටහන 300 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් අති සාර්ථක ලෙස ඊයේ දිනයේ (පෙබරවාරි 22) පවත්වන ලදි.මෙම වැඩසටහනට සමගාමීව ආයූර්වේද වෛද්‍ය සායනය, ඹෟෂධ නොමිලේ ලබාදීම හා රුධිර සාම්පල පරීක්ෂණ නොමිලේ සිදුකරන ලදී. මෙදින 50 දෙනෙකු සඳහා ඔවුන්ගේ පෙනීමේ දුර්වලතා අනුව ප්‍රමිතියෙන් යුතුව නිපදවන ලද ඇස් කණ්ණාඩි 50ක් නොමිලේ ලබා දීමට කටයුතු සලස්වන ලදී. විශේෂ ස්තූතිය :- ආයූර්වේද වෛද්‍ය බිම්බා මංචනායක මහත්මියට,දෘෂ්ඨි පරීක්ෂක තමීර මහතාට,,වයඹ රසායනාගාර ජාලයේ නිකවැරටිය ශාඛාවේ කාර්යය මණ්ඩලයට,Lions Club Of Kurunegala Apex Roar – Sight First සිංහ සමාජයේ මහත්ම මහත්මීන්ට Previous Post කලහොගෙදර සී/ස එකමුතු සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපාකාර සමිතියේදී නොමිලේ සිදුකල අක්ෂි සායන වැඩසටහන 2024. Next Post 2025 වසරේ EYE CARE OPTOMETRISTS ආයතනය විසින් පවත්වනු ලැබූ මහා පාන් දන්සල